Tea Time Talk

තේ විවේකය අතරේ නිදහස් සංවාදය

Shotgun Wedding ගැන දන්නවද?

පෙම්වතුන් පෙම්වතියන් අතර විවාහ වීමට පෙර දරු පිළිසිඳ ගැනීම වර්තමානයේ බහුලව වාර්තාවේ. නිසි ලිංගික අද්ධ්‍යපනයක් නොමැතිවීම, දෙමාපියන් හා දරුවන් අතර නිසි සම්බන්දතාවයක් නොමැති වීම, මධ්‍ය මහින් ඇති කරන අනිසි සමාජ පෙළඹවීම සහ කැමති දෙයක් කිරීමේ නිදහස ආදී හේතු නිසා නව යොවුන් තරුණියන් මෙම තත්වයට පත්ව ඇත. අවසාන විසදුම ලෙස නීති විරෝධී ගබ්සාවක් කරගැනීම සහ බොහෝවිට එමගින් අමතක නොවන අමිහිරි අත්දැකීමක් ලබා අනතුරුව සමාජ අපවාදයට ලක් වීමද සිදුවේ. අතීතයේදී මෙවැනි සිදුවීම් සදහා දෙමාපිය වැඩිහිටියන් මැදිහත් වූ අතර එකම විසදුම වූයේ තරුණිය සහ තරුණය විවාහ පත් කරවීමය. ඒ සදහා එම යුවලගේ කැමැත්ත කිසිදු විටක නොවිමසු අතර උපදින්නට යන දරුවාගේ අනාගතය සදහා විවාහය සිදු කරන ලදී. මෙවැනි විවාහ Shotgun Wedding ලෙස පැරණි යුරෝපයේ සහ ඇමරිකාවේදී හදුන්වන ලදී.

නමුත් අද වන විට යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් විවාහ වීම සදහා බලපෑම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කර ඇත. එනිසා දෙමවුපියන්ට Shotgun Wedding පැවැත්වීමේ හැකියාවක් නැත. එනමුදු ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි ගන් ස්ටෝර් (The Gun Stores) නම් ආයුද වෙළදසල නවතම ආකාරයේ Shotgun Wedding පැකෙජයක් ඩොලර් 300 මුදලකට හදුන්වාදී ඇත. තම මංගල දිනයේ පල්ලියේ සිදුවන දිවුරුම් දීම ආයුද සන්නද්ධව මෙහිදී සිදුකරන අතර එහි වෙඩි පිටියේදී නව යුවලට තම මංගල උණ්ඩය මගින් වෙඩි තැබිය හැක. මංගල අස්න , දිවුරුම්දීම මෙහෙයවන පුද්ගලයා(preacher) සහ පැමිනෙන අමුත්තන්ද සන්නද්ධව මෙම මංගල්‍ය සදහා සහභිගි වේ.
Shotgun1
Shotgun2
සැන්ඩි හුක් පාසලේ වෙඩිතැබීම ඇමෙරිකණු සමාජය විසින් ආයුද භාවිතය සීම කිරීමට හේතු වේයයි සිතුවද ඉහත ආයතනය සදහා ලැබෙන මංගල ඇනවුම් දිනෙන් දින ඉහල යමින් පවතී. අමෙරිකනු සිවිල් සමාජයෙන් ආයුද භාවිතය සිමා කිරීම Shotgun Wedding නැවත ගෙන එම තරම්ම අසීරු කටයුත්තකි.

මෙන්න අඳිනව නම් ඇදුම් – Men’s Fashion Week – London

Fashion show වල යන ඇදුම් එදිනෙදා වැඩකටයුතු වලට ඇඳිමට නොහැක. දැන් නිකුත් වන විලාසිතා සාදයකට පවා නොගැලපේ. එනමුත් එමගින් විලාසිතා නිමැවුම් කරුවාගේ නිර්මාණශිලිත්වය විදහා දැක්වේ. ප්‍රථම වරට පැවැත්වෙන Mens Fashion Week – London හි එලි දැක්වූ එවැනි විලාසිතා කිහිපයක් පහත දැක්වේ.
Fashion week1 fashion week 3
fashion week 2

ලොව ශරීර බර වැඩිම පුද්ගලයා වන පෝල් මේසන් ශරීර බර කිලෝ 285කින් අඩුකර ගනියි

Paulකිලෝ 444.5 වාර්තාවකට හිමිකම් ලද පෝල් මේසන් දෙවසරකට පෙර සිදු කරන ලද සැත්කමකට පසුව කිලෝ 285කින් ශරීර බර අඩුවිය. මේ වන විට කිලෝ 158 දක්වා ඔහුගේ ශරීර බර අඩුවී ඇති අතර දෙපයින් සිටගැනීමේ වාසනාව සහ රෝද පුටුවක් මගින් කෙටි දුරක් ගමන් කිරීමේ හැකියාවක් ඇත. අනිසි ලෙස අහාර ගැනීම නිසා තරුණ කාලයේ සිට ක්‍රමයෙන් බර වැඩි වී ඇති අතර රැකියාව අහිමිවීම, එකතැන් වීම මහින් අදායම් මාර්ග පවා ඇනහිට ඇත. අවසානයේ නාගරික සුබසාදක සේවාව මගින් නඩත්තු වන තත්වයට පත් වන පෝල් වයස අවුරුද 49දී තම අහාර පුරුදු පාලනය කිරීමය යොමු වන අතර බටහිර වෙදකමේ පිහිට ලබා ඇත.

හර්නිය රෝගී තත්වයෙන් පෙලෙන විට සිය නිවසේ දොරවල් උළුවහු කඩා බර ඔසවන පෝක් ලිෆ්ට් එකකින් රෝහලට ගෙන යනතුරු ඔහුට බලා සිටීමට සිදු විය. නමුත් සුව වී පැමිණෙන විට සුබසාදක සේවාව විසින් විශාල දොර උළුවහු සහිතව ඔහුටම ගැලපෙන නිවසක් තනා තිබිණ. නාගරික සුබසාදක සේවාව විසින් පෝල්ගේ නඩත්තුව සදහා වසරකට පවුම් 100,000.00 පමණ වියදම් කරයි. තරබාරු කාලයේ ඇදීමට ලක්වූ සම මේ වන විට එල්ලා වැටෙන තත්වයකට පත්ව ඇති අතර එනිසාම නැවතත් ඉදිරි කාලයේදී සැත්කමකට මුහුණ දීමට සිදුවනු ඇත.

මේ සියල්ල අතර පෝල් ජීවිතය පිළිබඳව බලාපොරොත්තු සහගතව සිටී. ඔහු අභරණ නිපදවීමේ ව්‍යපාරයක් ආරම්භ කර ඇති අතරම තම ජීවිත කතාව ලිවිමද සිදු කරයි. සහකාරියක් සොයා ගැනීම, උපදේශන සේවාව සහ රට වටා සංචාරය පිලිබදව ඔහු අවදානය යොමු කර ඇත.

මේ සියල්ල සිදුවන්නේ එංගලන්තයේ සෆොක්ස් නාගරික පාලනය යටතේය. සමාජ සුබසාදනය නම් විෂය සහ එහි ප්‍රයෝගික භාවිතය උපරිමයෙන් විදීමට බොහෝ දියුණු රටවල ජනතාව වාසනාවන්ත වී ඇත්තේ සියලු දෙනාම බදු ගෙවීම සහ පාලකයන් එම බදු ක්‍රමානුකුලව සමාජ යහපත සදහා යෙදවීම නිසාය.

නමුත් ශ්‍රී ලංකාව ඇතුළු තෙවන ලොව රටවල ජනතාව මහන්සි වී වැඩ කිරීම සහ බදුගෙවීම ප්‍රතික්ෂේප කරන අතර පාලකයන් රැස්වන බදු මුදල් තමා සහ තම පවුලේ නඩත්තුව සදහා යොදා ගනී. අවසානයේ සියලු දෙන ඉතා සතුටින් අනිත් අයට වන කරදර දෙස බලා සිටි. තමන් කරදරයට පත්වනතෙක් සමාජ සුබසදනය මතක් වන්නේ නැත. බදු ගෙවීම මතක් වන්නේ නැත. පාලකයන් හොරු බව මතක් වන්නේ නැත.

2013

P

ඔබ පරිසරයට කෙතරම් CO2 වායුව එකතු කරනවද?

 වාර්ෂිකව පරිසරයට එකතු වන CO2 ප්‍රමාණය පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ. 
 උපුටා ගැනීම-   http://co2now.org/
 එනිසා ඇතිවන පාරිසරික උෂ්ණත්වය වැඩිවන ආකාරය පහත ප්‍රස්ථාරයෙන් දැක්වේ 
  උපුටා ගැනීම-   http://co2now.org/
 මේ සදහා අප සියලුදෙනාම නොදැනුවත්ව හෝ දායක වී ඇත. ඔබ පරිසරයට කෙතරම් CO2 වායුව එකතු කරනවද?
පහත URL එක හරහා එම ප්‍රමාණය ගණනය කල හැක.
 
 මා සහ මගේ පවුලේ  අය  CO2 වායුව  පරිසරයට එකතු කිරීම අසන්න  වශයෙන්  පහත දැක්වේ
 

කඩුපුල් මල් පුජාව

ජන කතා වලට අනුව කඩුපුල් මල් මෙලොව  පිපෙන දෙව්ලොවට අයත් මල් වර්ගයකි. කඩුපුල් මල පිපෙන්නේ රාත්‍රී 12.00 පමණය.

එවෙලේම  කඩුපුල් මල නෙලා පැන් භාජනයක දමා  බුදුරජාණන් වහන්සේට පුජ කල යුතුය. එසේ නෙලාගත නොහැකිවන මල් දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට පුජා කරන බවත් පසු දින  උදැසන පර මල්වී ඇති මල්  දැකිය  හැක්කේ ඒ නිසා බවත් ජන කතා වල සඳහන්වේ

                                                                                                                                                                                                                                                                                    මතු සදහන් වන්නේ මා විසින් අද රාත්‍රී බුදුරජාණන් වහන්සේට පුජ කල කඩුපුල් මල් පුජාවය් . අද මගේ හිතවත් අසල්වැසි ආනන්ද අය්ය විසින් මෙම උතුම් පුජාවට අවශ්‍ය දුර්ලභ කඩුපුල් මල ලබා දුන්නා.

පුජාවට දායක  වූ සියලු දෙනාට බොහොම පින් ……

කොන්ක්‍රීට් වනාන්තරයේ උකුස්සා

උකුස්සකු පැමිණ මගේ දර්ශන පථයේ දිස්වේ.

පැමිණි වෙලාවේ සිටම බිල්ඩිමේ කෙළවරක සිට සිය හොටෙන් මුළු ශරීරයම කසමින් සිටි.
තුරු හිසක සිට මහ පොළවේ දුවනා කුඩා මීයන් ගොදුරු කර ගත් උකුස්සකුට මේ කොන්ක්‍රීට් වනාන්තරයේ ජිවත් වීම කටුක අත්දැකීමකි.

එසේ අතරමන් උනු කල මොහු මන බලන්නේ මගේ පරිගණකයේ Mouse ගොදුරු කර ගැනීමට විය නොහැකිද?

1st day of blogging

Its my first day of blogging. Hope to update with usefull information

Post Navigation