Tea Time Talk

තේ විවේකය අතරේ නිදහස් සංවාදය

Shotgun Wedding ගැන දන්නවද?

පෙම්වතුන් පෙම්වතියන් අතර විවාහ වීමට පෙර දරු පිළිසිඳ ගැනීම වර්තමානයේ බහුලව වාර්තාවේ. නිසි ලිංගික අද්ධ්‍යපනයක් නොමැතිවීම, දෙමාපියන් හා දරුවන් අතර නිසි සම්බන්දතාවයක් නොමැති වීම, මධ්‍ය මහින් ඇති කරන අනිසි සමාජ පෙළඹවීම සහ කැමති දෙයක් කිරීමේ නිදහස ආදී හේතු නිසා නව යොවුන් තරුණියන් මෙම තත්වයට පත්ව ඇත. අවසාන විසදුම ලෙස නීති විරෝධී ගබ්සාවක් කරගැනීම සහ බොහෝවිට එමගින් අමතක නොවන අමිහිරි අත්දැකීමක් ලබා අනතුරුව සමාජ අපවාදයට ලක් වීමද සිදුවේ. අතීතයේදී මෙවැනි සිදුවීම් සදහා දෙමාපිය වැඩිහිටියන් මැදිහත් වූ අතර එකම විසදුම වූයේ තරුණිය සහ තරුණය විවාහ පත් කරවීමය. ඒ සදහා එම යුවලගේ කැමැත්ත කිසිදු විටක නොවිමසු අතර උපදින්නට යන දරුවාගේ අනාගතය සදහා විවාහය සිදු කරන ලදී. මෙවැනි විවාහ Shotgun Wedding ලෙස පැරණි යුරෝපයේ සහ ඇමරිකාවේදී හදුන්වන ලදී.

නමුත් අද වන විට යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් විවාහ වීම සදහා බලපෑම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කර ඇත. එනිසා දෙමවුපියන්ට Shotgun Wedding පැවැත්වීමේ හැකියාවක් නැත. එනමුදු ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි ගන් ස්ටෝර් (The Gun Stores) නම් ආයුද වෙළදසල නවතම ආකාරයේ Shotgun Wedding පැකෙජයක් ඩොලර් 300 මුදලකට හදුන්වාදී ඇත. තම මංගල දිනයේ පල්ලියේ සිදුවන දිවුරුම් දීම ආයුද සන්නද්ධව මෙහිදී සිදුකරන අතර එහි වෙඩි පිටියේදී නව යුවලට තම මංගල උණ්ඩය මගින් වෙඩි තැබිය හැක. මංගල අස්න , දිවුරුම්දීම මෙහෙයවන පුද්ගලයා(preacher) සහ පැමිනෙන අමුත්තන්ද සන්නද්ධව මෙම මංගල්‍ය සදහා සහභිගි වේ.
Shotgun1
Shotgun2
සැන්ඩි හුක් පාසලේ වෙඩිතැබීම ඇමෙරිකණු සමාජය විසින් ආයුද භාවිතය සීම කිරීමට හේතු වේයයි සිතුවද ඉහත ආයතනය සදහා ලැබෙන මංගල ඇනවුම් දිනෙන් දින ඉහල යමින් පවතී. අමෙරිකනු සිවිල් සමාජයෙන් ආයුද භාවිතය සිමා කිරීම Shotgun Wedding නැවත ගෙන එම තරම්ම අසීරු කටයුත්තකි.

Advertisements

Single Post Navigation

9 thoughts on “Shotgun Wedding ගැන දන්නවද?

  1. විවාහය යන්න ආණ්ඩුවකට දැනගන්න අවශ්‍ය දෙයක් විය යුතු නැහැ. ඒත් ඒ නිසා නොවේ දැන් විවාහ අඩු වෙලා යන්නෙ. මිනිසා විවාහයටත් වෑයමක් යොදවන්න කම්මැලිකම නිසා. ආණ්ඩුව විසින් හැම හංදියක් ගානේම ගබ්සා ක්ලින්ක් මඟින් නොමිලේ පහසුකම් සපයද්දී “ෂොට් ගන් වෙඩින්” ඉතිරි වුනොත් ඔබේ පින්තූර වල තියෙන ඒවා තමයි ඉතිරි වෙන්නේ.

    අන්තිම වාක්‍යය එසේම වේවා යැයි පතමි!!!! 😀

  2. අරුණි, ලංකාවේ විවාහ වියදම දිනෙන් දින වැඩි වෙනවා. එය සමාජයේ සෑම තලයකටම බලපා තිබෙනවා. උදාහරණයක් ලෙස වැඩිකළ විවාහ ගාස්තුව (රු.5000.00) තම මාසික වියදමට සමාන බව ආදිවාසීන් පවසනවා. විවාහ සැලසුම්/ පවුල් සැලසුම්/ පවුලේ සමගිය දිරිමත් කල යුතු කාලයක අප උඩුගං බලා යනවා.

  3. ටැක්ස්, ඔබ මගේ බ්ලොග් එකට ඇවිත් දීලා තිබුණු උපදෙස් වලට අනේක වාරයක් ස්තුතියි. ඒ විදිහට කරන්නම්. මම අද තමයි මේ අඩවියට පළමුවෙන්ම ආවේ. කලින් කියවා නොතිබුණු තොරතුරු ගොඩක් තියනවා වගේ. ඉතා ඉහලින් අගය කරනවා.

  4. Good post machan but

    අරුණි ගේ බොලොග් එකේ කොකා කොලා වලට එරෙහි සටහන් කරන කොමෙන්‍ටු , අරුනි දිගටම මකන නිසා මේ ආකාරයට මගේ කමෙන්ට ලබාදෙමි

    http://muthunayake.blogspot.com/2013/08/blog-post_6.html

    • මමත් ඔයාගේ සයිට් එකේ Forex වලට විරුද්ධව කොමෙන්ටුවක් දැම්මා. එක delete කරන්න එහෙම එපා…

      • මම මකන්නේ නැහැ. කුනුහරුප මකනව පොඩි අය බලන නිසා. ඔයා කියන දේ මම දන්නව. ඒකෙන් රිංගන්න පුලුවන්.

        අරුණිගේ ලෝකයේ විරුද්ධ මත දාරීන් නැ, කොහොමත් ඔය ටොලරන්ස් කියන එක ඇමරිකන් පිටිකනකොට නැතිවෙලා යනව. ඇමරිකාව ඇතුලු බටහිර රටවල් කරන සීතල අපරාධ ගැන මම මැරෙන්න කලින් පොතක් ලියනව.

        බලන්න මේ ලොකයේ වැඩිම මිනිමැරිම් කරල තියෙන්නේ උන්
        ලොකයේ වැඩිම කාබන් පිට කරන්නේ උන් විකිය බලන්න
        ලොකයේ සාමාන්‍ය මිනිසෙකුට වඩා 48 ගුනයක් සම්පත් භාවිතා කරනව ඔය තිරිසන්නු ටික.
        රාත්‍රී ලොකයේ සැටලයිට් පින්තුරක් ගත්තොත් මුලු ඇමරිකාවම එලියයි. මුන් කරන විනාශය නිසා ලොකේ බිලියනගානකට තෙල් ගන්න බැ මොකද මුන් ඩොලර් වලට කො‍ටුකරල. ඒක හොයන්න තමයි ෆොරෙක්ස් කලේ. මම තෙරෙනව ඇමරිකාව සුරකන හැටි.

        උන්ගේ තිරිගු වගාව මේ අවුරුදේ පාඩු වුනොත් ගෙවන්නේ අපි මොකද මුන් ඩොලර් හෙජ් කරනව කැම වලට. අපි ත්‍රීවිල් එකට ගහන තෙල් , කුප්පි ලම්පු තෙල් ටිකෙන් ඇමරිකානුවෝ ලොකු බගර් , තුන් වෙලට කොකා බොනව , හෙට උබේ නංගීව ඇවිල්ල ඉල්ලනව ගැනිකමට , මල්ලි උබ කැමති නැතත් නංගී යනව , බලපන් ඇමරිකන් කාරයෝ බදින්නේ ඉන්දියන්, පිලිපින , රුසියනු ගැනු පොඩ්ඩක් ඔය හික්කඩුව , මිරිස්ස පැතිවල බලපන්කෝ වෙලා තියන එක 50 පැනපු නාකි සුද්දෝ මේ රටට කරන දේ

      • ආ අනික මම කමෙන්ට් අනුමත කරන්නේ නැ මොකද මම බය නෑ මගේ විරුද්ධවාදීන්ට ඔබට නිර්නාමික කමෙන්ට් දාන්නත් පුලුවන් ඒක ප්‍රජාත්ත්‍රන්තවදී අයිතියක්, කුනුහරුප, ස්පැම් මැකීම මගේ වැඩක්

  5. *ඕකට ඇමරිකාවත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. හෙට ඇමරිකාව වැටුනොත් රුසියාව හරි චීනය හරි ඔය තැනට එනවා. අපි එකතුවෙලා රට දියුණුවෙන දෙයක් කරන්න ඕන. අපි වැඩියෙන්ම ආනයනය කරන තෙල් වලට, අහාර වලට ආදේශක හොයන්න ඕන. ජපන එහෙමයි දියුණු වුනේ.

    *සංචාරක කර්මාන්තයේ අතුරු ප්‍රතිපල තමයි දකුණු වෙරළේ තියෙන්නේ. මේ කර්මාන්තය හොදට කරන කරනහැටි , ඒ මගින් දියුණු වෙන හැටි අපි කතා කරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: