Shotgun Wedding ගැන දන්නවද?
පෙම්වතුන් පෙම්වතියන් අතර විවාහ වීමට පෙර දරු පිළිසිඳ ගැනීම වර්තමානයේ බහුලව වාර්තාවේ. නිසි ලිංගික අද්ධ්‍යපනයක් නොමැතිවීම, දෙමාපියන් හා දරුවන් අතර නිසි සම්බන්දතාවයක් නොමැති වීම, මධ්‍ය මහින් ඇති කරන අනිසි සමාජ පෙළඹවීම සහ කැමති දෙයක් කිරීමේ නිදහස ආදී හේතු නිසා නව යොවුන් තරුණියන් මෙම තත්වයට පත්ව ඇත. අවසාන විසදුම ලෙස නීති විරෝධී ගබ්සාවක් කරගැනීම සහ බොහෝවිට එමගින් අමතක නොවන අමිහිරි අත්දැකීමක් ලබා අනතුරුව සමාජ අපවාදයට ලක් වීමද සිදුවේ. අතීතයේදී මෙවැනි සිදුවීම් සදහා දෙමාපිය වැඩිහිටියන් මැදිහත් වූ අතර එකම විසදුම වූයේ තරුණිය සහ තරුණය විවාහ පත් කරවීමය. ඒ සදහා එම යුවලගේ කැමැත්ත කිසිදු විටක නොවිමසු අතර උපදින්නට යන දරුවාගේ අනාගතය සදහා විවාහය සිදු කරන ලදී. මෙවැනි විවාහ Shotgun Wedding ලෙස පැරණි යුරෝපයේ සහ ඇමරිකාවේදී හදුන්වන ලදී.
නමුත් අද වන විට යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය විසින් විවාහ වීම සදහා බලපෑම් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කර ඇත. එනිසා දෙමවුපියන්ට Shotgun Wedding පැවැත්වීමේ හැකියාවක් නැත. එනමුදු ඇමරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි ගන් ස්ටෝර් (The Gun Stores) නම් ආයුද වෙළදසල නවතම ආකාරයේ Shotgun Wedding පැකෙජයක් ඩොලර් 300 මුදලකට හදුන්වාදී ඇත. තම මංගල දිනයේ පල්ලියේ සිදුවන දිවුරුම් දීම ආයුද සන්නද්ධව මෙහිදී සිදුකරන අතර එහි වෙඩි පිටියේදී නව යුවලට තම මංගල උණ්ඩය මගින් වෙඩි තැබිය හැක. මංගල අස්න , දිවුරුම්දීම මෙහෙයවන පුද්ගලයා(preacher) සහ පැමිනෙන අමුත්තන්ද සන්නද්ධව මෙම මංගල්‍ය සදහා සහභිගි වේ.
සැන්ඩි හුක් පාසලේ වෙඩිතැබීම ඇමෙරිකණු සමාජය විසින් ආයුද භාවිතය සීම කිරීමට හේතු වේයයි සිතුවද ඉහත ආයතනය සදහා ලැබෙන මංගල ඇනවුම් දිනෙන් දින ඉහල යමින් පවතී. අමෙරිකනු සිවිල් සමාජයෙන් ආයුද භාවිතය සිමා කිරීම Shotgun Wedding නැවත ගෙන එම තරම්ම අසීරු කටයුත්තකි.